(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අවිස්සාවේල්ල උක්වත්ත කසළ අංගනයේ තිබී අත්බෝම්බ දෙකක් හමු වූ බව අවිස්සාවේල්ල පොලිසිය කියයි .
කසළ අංගනය කසළ තෝරමින් සිටි කම්කරු සේවිකාවක මෙම බෝම්බ දැක ඒ බව පාලනාධිකාරියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය දැනුවත් කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .
එම බෝම්බ මතුපිටින් දිරාපත් ව තිබෙන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .
ඒවා නිෂ්ක්‍රිය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකා බෝම්බ නිෂ්ක්‍රිය අංශය කැඳවීමට නියමිතය .

