
(යොහාන් භාසුර)
නිදහස් පලස්තීනයක් වෙනුවෙන් ජන අරගල ව්‍යාපාරය කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට කළ උද්ඝෝෂණයේදී ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයින් 5ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
කොල්ලුපිටිය පොලිසිය අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයන් තවදුරටත් පොලිස් භාරයේ සිටින බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



