ඊශ්‍රායලය -ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියක්


(අංජුල මහික වීරරත්න)

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අද (15) පෙරවරුවේ අත්සන් තැබුණු බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මෙරට ශ්‍රමිකයන් විදෙස් ගත කිරීමේදී සිදුවන ප්‍රමාදය වැළැක්වීම ද මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණක් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එමෙන්ම නාවික ක්ෂේත්‍රයේ ඇති බහාලුම් ප්‍රවාහනය කිරීමේ ප්‍රමාණය 32%කින් පමණ වර්ධනය වී අති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.