(ඉන්දිකා රාමනායක)
කොහුවල ප්‍රදේශයෙන් සොරා ගත් බව කියන ත්‍රිරෝද රථයක් අතුරුගිරියට රැගෙන ගොස් අලෙවි කිරීමට සුදානම් වූ කාන්තාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොවුන් අතුරුගිරිය , පන්නිපිටිය , හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම පිරිස අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මොවුන් පමුණුව ප්‍රදේශයෙන් සොරා ගත් ත්‍රීරෝද රථයක් අලෙවි කිරීම සඳහා කොට්ටාව ප්‍රදේශයේ සඟවා තිබී තිබියදී සොයාගෙන ඇත .
මොවුන් ත්‍රීරෝද රථ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් බවට බවටද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත .
සැකකරුවන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

