ඉස්ලාම් අධ්‍යාපනය නියාමනයට කොමිසමක්


(අජන්ත කුමාර අගලකඩ)
 
ඉස්ලාම් අධ්‍යාපනය නියාමනය සඳහා කොමිසමක් පත්කිරීමට රජය තීරණය කර ඇත.
 
ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට ඉදිරිපත් කරන ලද කැබිනට් සන්දේශයකට ඊයේ(07) පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.
 
එම නියාමන කොමිසම අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ගෙන් සමන්විත විය යුතු බවටද යෝජනා කර ඇත.
 
සතියේ අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී  පැවති අතර, එහිදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
 
මෙවර කැබිනට් රැස්වීමට ඇමැතිවරුන්ගේ සහභාගීත්වයේ අඩුවක් පැවති බව වාර්තා වේ.