
(ඉන්දිකා රාමනායක සහ ඒ.ජේ.කරඳගොල්ල)
හඟුරන්කෙත පොරමඩුල්ල විද්‍යාකර විද්‍යාලයේ සිසුන් පිරිසක් අසාත්මික තාවයක් හේතුවෙන් රෝහල් ගත කළ බව හඟුරන්කෙත පොලිසිය පවසයි.
ශරීරයේ කැසීම් සහ පැල්ලම් මතුවූ සිසුන් 60 අධික සිසු සිසුවියන් පිරිසක් රිකිල්ලගස්කඩ රෝහලටද ඇතුලත්කරනු ලැබ ඇත.
ආහාර පොලක් මෙම විදුහලේ පවත්වා ඇති අතර එම ආහාර පොලෙන් අච්චාරු කෑ දරුවන් මෙසේ රෝගී වී ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇතැයි පොලිසිය පවසයි.


