
(ඩයනා උදයංගනී)
රිෂාඩ් බදියුදීන් මන්ත්රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියගිය ‘ඉෂාලිනී’ දැරියගේ සිරුර ගොඩ ගැනීම අධිකරණ නියෝගයක් අනුව අද (30) සිදුකෙරිණි.
හැටන් ඩයගම පොදු සුසාන භූමියේ දැරියගේ සිරුර මිහිදන්කර තිබූ දේහය ගොඩගැනීම අනතුරුව නුවරඑළිය මහේස්ත්රාත් ලුෂාකා කුමාරි ජයරත්න මහත්මියගේ අධීක්ෂණය යටතේ සිදුකෙරිණි.
එම සිරුර පොලිස් ආරක්ෂාව යටතේ එම සිරුර දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට යොමු කිරීමට නියමිතව තිබිණි.
(ඡායාරූප: නෝර්වුඩ් රංජිත් රාජපක්ෂ)













