ඉෂාරා දින 90 ක් රඳවන්න අවසර


(සුජිත් හේවාජුලිගේ)

පාතාල නායක ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටින ඉෂාරා සෙව්වන්දි දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය  අවසර ලබා දී ඇත

මෙසේ අවසර දී ඇත්තේ පොලීසිය  කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

ඉෂාරා සෙව්වන්දි  සම්බන්ධ විමර්ශන දිගටම  කරගෙන යන අතර ඇය අදත් ගම්පහ ප්‍රදේශයේ කිසියම්  විමර්ශනයක් සඳහා රැගෙන යනු ලැබුවාය.

සෙව්වන්දි  රට පලායෑමට ප්‍රථම  ගම්පහ ප්‍රදේශයේ  වළදමා තිබූ ජංගම දුරකථනයක් එහිදී සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ජංගම දුරකථනයෙන්  වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගත හැකි වනු ඇතැයි විමර්ශන නිලධාරීහු විශ්වාසය  පළ කරති.