ඉවතලන බැරල්වලින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩක් ගනියි


(අංජුල මහික වීරරත්න)
 
“ඉවත ලන බැරල් ප්‍රමිතිගත කසළ බඳුන්” ලෙස සකසා දිවයින පුරා බෙදා හැරීමේ ව්‍යාපෘතියක් සිපෙට්කෝ සමාගම සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාවට නංවා තිබෙන අතර එම ව්‍යාපෘතිය අද (05) මුතුරාජවෙල ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි. 
 
මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ අද (5) යෙදී ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙනි.
දිරන ද්‍රව්‍ය සහ පොලිතීන් බාහාලිය හැකි ලෙස වෙන් වෙන්ව මෙම කසළ බඳුන් සකසා තිබෙන අතර පළමු අදියර යටතේ සකසන ලද බැරල් 150 ක් බෙදා දීමට සිපෙට්කෝ ආයතනය සැලසුම් කර ඇත. අවශ්‍ය පරිදි කසළ සහ පොලිතීන් බාහලිය හැකි බැරල් ඉදිරියේදී ලබා දීමට එම ආයතනය එකඟතාව පළ කර තිබේ.