ඉල්ලා අස්වෙන්න කියලත් නෑ ඉල්ලා අස්වෙන්නෙත් නෑ


(සුජිත් හේවාජුලිගේ )

තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

තමාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශ්වයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් නැතැයිද ඔහු සඳහන් කළේය.

තමා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන බවට පැතිර යන පුවත අසත්‍යයක් බවත් මෙම ප්‍රචාරය රජය ගෙන යන වැඩපිලිවෙල කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක කොටසක් බවත් දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

අගමැතිවරයා මෙසේ ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා අස්වන බවටවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.