ඉරාන - ශ්‍රී ලංකා සහයෝගීතා අලුත් කරන්න යයි


(විමුක්ති එස් රුද්‍රිගු)

කලාපීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සහයෝගීත්වය ඇති කරගැනීම සඳහා තමන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ සාකච්ඡා කළ බව ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් මහතා ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ත් ඒ යටතේ වෙළඳ, සංචාරක, විද්‍යා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන් හි දෙරටේ හවුල්කාරීත්වය පුළුල් කර ගනු ඇති බවද පැවැසීය. 

එසේම එම සාකච්ඡාවලදී දැනටමත් අත්සන් තබා ඇති ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වූ බවත් අලි සබ්රි මහතාගේ ඉරාන සංචාරය දෙරට අතර ඇති සබඳතා වල හැරවුම් ලක්ෂයක් බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

එසේම ඉදිරියේදී දෙරට අතර සිරකරුවන් හුවමාරුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බව අබ්දුල්ලාහියන් මහතා එහිදී පෙන්වා දී ඇත.