( ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ඉමදුව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද (20) පැවැත්වු අවස්ථාවේදී එක්සත් ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රී ඒ.ජී.අරුණ මහතා සභාවට තේ පැලයක් දළු සහ පොහොර පැකට්ටුවක් ගෙන ඒමෙන් සභාවේ උණුසුම් තත්වයක් ඇතිවිය.
මෙහිදී මන්ත්‍රීවරයා පවසා සිටියේ තේ පොහොර නොලැබීමෙන් තේ පැල නිසි පරිදි වර්ධනය නොවන බවත් තේ දළු අස්වැන්න ඉතාමත් අඩුවී ඇති බවත්ය.
මෙහිදී මීට විරෝධය දැක්වූ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු කියා සිටියේ කාබනික පොහොර යෙදීම නිසි පරිදි ක්‍රමවත්ව සිදුකිරීමෙන් මෙයට විසඳුම් ලැබෙන බවයි.
සභාපති ඒ.වී.සරත් කුමාර මහතා කියා සිටියේ මෙවැනි ක්‍රියා මාධ්‍ය සංදර්ශණ බවයි.
පසුව අරුණ මන්ත්‍රීවරයා පොහොර පැකට්ටුවක් අතැතිව පවසා සිටියේ මෙහි ඇත්තේ මිනී අළු බවයි.මේ අවස්ථාවේදී සභාව තවත් උණුසුම් විය.