ඉන්ධන හිඟයෙන් මන්ත්‍රීලාත් අමාරුවේ


(සුජිත් හේවාජුලිගේ)


දැඩි ඉන්ධන හිඟය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ සතියේ පාර්ලිමේන්තුවට  පැමිණීමේ  බාධා මතුවනු ඇති බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

විශේෂයෙන් දුර බැහැර පළාත්වල මන්ත්‍රීවරුන්ට මෙය දැඩිව බලපානු ඇතැයි වාර්තාවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන් පැමිණෙන දුර ප්‍රමාණය අනුව ඉන්ධන කෝටාවක් හිමිවන  අතර කිව් ආර් කේතය   හේතුවෙන් එම ඉන්ධන ප්‍රමාණය  ගැනීමේ දුෂ්කරතා මතුවනු ඇතැයි  ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ තත්වය සැලකිල්ලට ගෙන වෙනම කිව්ආර් කේතයකට ඉන්ධන නිකුත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  ඉල්ලීමක් කරති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් රජය අද හෙටම තීරණයක් ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ  මන්ත්‍රීවරුන්ගෙන් හතරෙන් තුනක්ම පිට පළාත්වල අය වෙති. පාර්ලිමේන්තුව අද(17)   සිට ලබන 20  වැනිදා සිකුරාදා දක්වා  රැස්වෙයි