(යොහාන් භාසුර)
ඉන්ධන මිලදීගැනීමට ඩොලර් ලබාගැනීමට මුදල් අච්චුගැසීමට සිදුවනු ඇති බවත් ඉදිරි මාස තුනට අවශ්‍ය ඉන්ධන ආනයන සඳහා මුදල් සොයාගැනීම විශාල අභියෝගයක් බවත් විදුලිබල හා බලශක්ති කාංචන විජේසේකර මහතා පැවසීය.
ඉන්ධන සඳහා මහ බැංකුවේ අධිපතිතුමා ඩොලර් ප්‍රමාණයක් වෙන්කර තිබුණත් ඩොලර් මිලදීගැනීමට රුපියල් අඩුවීමට එකම විකල්ප මුදල් මුද්‍රණය කිරීම බව කී අමාත්‍යවරයා අධිපතිතුමා සහ ලේකම්තුමා මුදල් මුද්‍රණය කියන අවසාන විකල්පයට අකමැති බව ද සඳහන් කළේය.
රටට ළගාවෙමින් නියමිත ඉන්ධන නෞකා හතරකට ගෙවීමට අවශ්‍ය ඩොලර් මිලියන 160 ක් පමණ සෙවීම මේ දිනවල අභියෝගය බව කී අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්ධන සඳහා වන ඩොලර් මිලියන 530 ක අවශ්‍යතාව රටේ මුදල්වලින් කළමනාකරණය කළ නොහැකි බවත් ඩොලර් මිලියන 30 කට ණයවර ලිපියක් නිකුත්කිරීමට නොහැකිව දැවිතෙල් නෞකාවක් දින 20 ක කාලයක් නිදහස්කරගැනීමට නොහැකි වී ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.