ඉන්ධන අර්බුදය හෝටල් කර්මාන්තයටත් බලපාලා


( තිලකරත්න දිසානායක)

ඉන්ධන අර්බුදය හේතුවෙන් උත්සව ශාලා සහ ආහාර සැපයුමේ ක්ෂේත්‍රය කඩා වැටීමට ලක්ව ඇති බැවින් මෙම ක්ෂේත්‍රයේ නිරත ලක්ෂ පහක පමණ පිරිසකට රැකියාවන් පවා අහිමි වන තත්ත්වයක් උදාවී ඇති බව සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම් කරුවන්ගේ සංගමයේ උප සභාපති සාලිය රවීන්ද්‍ර මහතා සදහන් කරයි.

උත්සව ශාලා පවත්වාගෙන යාමේදී වැඩි වශයෙන් විදුලි ජනන යන්ත්‍ර භාවිතා කරන බැවින් සහ ආහාර පාන ප්‍රවාහනය පිනිස අවශ්‍ය පරිදි ඉන්ධන නොමැතිවීම මත කළුකඩ මගින් ඉන්ධන ලබා ගැනීමේ තත්ත්වයකට රජය තල්ලු කොට ඇති බවය.

මෙම කර්මාන්තය පවත්වාගෙන යාම සදහා ඉන්ධන ලබාගැනීම පිනිස සහන සැලසීමක් සිදු කරන ලෙස ඉල්ලා සිටියද මෙතෙක් නිසි විසදුමක් නොලැබුන බවත් පවතින තත්ත්වය මගහරවා ගැනීම පිනිස ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ලංගම ඩිපෝ මගින් හෝ උත්සවශාලා සහ ආහාර සැපයුම් කරුවන් වෙත ඉන්ධන ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් සාලිය රවීන්ද්‍ර මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.