


(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
වෘත්තීකයන්ගේ ජාතික පෙරමුණේ සාමාජිකයින් විශේෂ සංදේශයක් බාරදීමට අද (21) කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ගිය අවස්ථාවේදී කල් තියා වේලාවක් වෙන්කර නොපැමිණිමෙන් සංදේශය බාර ගැනීමට ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට ලබාදීමේ රජයේ තීරණයට විරෝධය පළකරමින්, වහාම එම ගිවිසුමෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටීම සඳහා මොවුන් මෙලෙස සංදේශයක් බාරදීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ගොස් තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය , ලංකා ප්‍රගති ගුරු වෘත්තීය සමිතිය , රේගු නිළධාරින්ගේ සංගමය , ශ්‍රී ලංකා නීතිඥ සංගමය , ජාතික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය , විදුලි සංදේශ ඉංජිනේරු සංගමය , දේශීය ආදායම් වෘත්තීය සමිති එකමුතුව ,රජයේ දේශීය වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ,දුම්රිය වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව , ඇතුළු වෘත්තීය සමිති රැසකින් සමන්විත වන වෘත්තීකයන්ගේ ජාතික පෙරමුණහි සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
වෘත්තීකයන්ගේ ජාතික පෙරමුණේ හි ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා සහ උප සභාපති වෛද්‍ය සමන්ත ආනන්ද යන මහත්වරු මෙහිදී පවසා සිටියේ ය.
මෙම පර්යන්ත ගැටලුව ජාතික ගැටළුවක් දක්වා මේ වනවිට උත්සන්න වී ඇති නිසා මේ පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර කෙසේ හෝ මෙම ගිවිසුම නවතා දැමීමට උත්සහ දරන බවත් ඒ සඳහා වෘත්තීය සමිති ලෙස ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගන්නා බවත්ය.

