(යොහාන් භාසුර)
ඉන්දියානු බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් ඇතුළු ආයෝජක දූත කණ්ඩායමක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්‍යාංශයේදී හමුවූහ.
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳව සහ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කළහැකි නව මංපෙත් සෙවීමේ අරමුණින් මෙම හමුව පැවති අතර විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ පවතින හා අනාගත ආයෝජන අවස්ථා පිළිබඳව දෙරට අතර තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව වර්ධනය කළ හැකි නව ක්ෂේත්‍ර හඳුනා ගැනීම, හරිත බලශක්ති, විකල්ප ඉන්ධන ප්‍රභවයන්, නවීණ තාක්ෂණ හා පරිසර හිතකාමී ව්‍යාපෘති ආදී ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව එහිදී යෝජනා ඉදිරිපත් විය.
මෙම අවස්ථාව සඳහා ඉන්දියාවේ සීඅයිඅයිහි හිටපු සභාපති, අයිසීටී සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර සන්ජීව් පුරි මහතා, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දිපාක් දාස් මහතා, හයිකොන් ඉන්දියා සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටෝ ජෝර්ජ් මහතා ඇතුළු බලශක්ති හා හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෝ පිරිසක් එක්ව සිටියහ.