ඉන්දීය තානාපති ‘සංදේශය’ එපා කියයි


(යොහාන් භාසුර)

ඉන්දියාව ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නේ යැයි එයට විරෝධය දක්වමින් අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඇතුළු සංවිධාන කීපයක් සංචාරක අමාත්‍යංශය සහ ඉන්දීය තානාපති කාර්යාලය අසළ අද (27) දහවල් විරෝධතාවක් පැවැත්වීය.

එහිදී විරෝධතාකරුවන් ඉන්දීය තානාපති කාර්යාලයට සංදේශයක් භාරදීමට ගිය ද තානාපති කාර්යාලය එම සංදේශය භාරගැනීම ප්‍රතික්ෂේප කළේය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)