ඉන්දියාවේ සිට එන ලාංකික ගුවන් මගීන්ට කොරෝනා නීති ලිහිල් කිරීමක්


( තිළිණි ද සිල්වා)

ඉන්දියාවේ සිට පැමිණෙන, පූර්ණ එන්නත්කරණයට ලක්වූ ශ්‍රී ලංකිකයින්ට පුර්ව අනුමැතියෙන් තොරව මෙරටට පැමිණීමටත්, පළමු PCR පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන්නේ නම් නිවෙස් වෙත යාමටත් අවසර ලැබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටී.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා වූ නිරෝධායන ක්‍රමවේදය නැවත වරක් සංශෝධනය කිරීම හේතුවෙන් මෙම අවසරය හිමිව ඇතැයිද එම අධිකාරිය කියා සිටී.

ඒ අනුව ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ ශ්‍රී ලාංකිකයින් සහ ද්විත්ව පුරවැසියන් මෙරටට පැමිණීමට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හෝ සිවිල් ගුවන්සේවා අධිකාරියෙන් අවසර ලබාගැනීම අවශ්‍ය නොවේ.

නමුත් එසේ පැමිණෙන සියලුදෙනා මෙරටට පැමිණීමෙන් අනතුරුව PCR පරීක්ෂාවකට භාජනය විය යුතු බවද එම අධිකාරිය කියා සිටී.