
(ටී.කේ.ජී.කපිල )
ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානි මහතා ඇතුළු 10 දෙනෙකු විශේෂ ගුවන් යානා 02 කින් ඊයේ (24) රාත්‍රී 11.30 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
මෙම ව්‍යාපාරිකයා කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු ඇතුළු ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීමට නියමිතය .


