(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාව තුළට රත්රන් ජාවාරම් කිරීමට උත්සාහ කළ 29 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු සහ ඉන්ඩිගෝ ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත්වූ බව චෙන්නායි ගුවන් තොටුපොළ බලධාරීහු ප්‍රකාශ කළහ.
අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයා සතුව තිබී ඉන්දීය රුපියල් කෝටි 8.5 ක් වටිනා (ශ්‍රී ලංකා රුපියල් කෝටි තිහක් පමණ) රත්රන් කිලෝ ග්‍රෑම් 13.5 ක් සොයාගත් බව ගුවන්තොටුපළ බලධාරීහු පැවැසූහ.
ශ්‍රී ලාංකිකයා ඔහුගේ ගමන්මල්ලේ සඟවාගෙන රත්තරන් තොගය චෙන්නායි ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇති බව ගුවන්තොටුපොළ බලධාරීහු ප්‍රකාශ කළහ.ෙචෙන්නායි නගරය තුළට විශාල රත්රන් තොගයක් ජාවාරම් කිරීමට යන බවට ලැබූ බුද්ධිමය තොරතුරු මත සිංගප්පූරුව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව යන රටවල සිට පැමිණෙන මගින් පිළිබඳව රේගු නිලධාරීන් දැඩි අවධානයක් යොමු කළ බව ගුවන්තොටුපොළ බලධාරිහු පැවැසූහ.
ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙම ශ්‍රී ලාංකික තරුණයා සිංගප්පූරුවේ සිට චෙන්නායි නගරය වෙත පැමිණ ඇති බවත් පැමිණීමෙන් පසුව ගුවන් යානා පැමිණෙන තෙක් රැඳී සිටින කලාපයේ මෙම තරුණයා අසුන්ගෙන සිට ඇති බවත් ගුවන්තොටුපොළ බලධාරීහු ප්‍රකාශ කළහ.
අනතුරුව එම ස්ථානයට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට මෙම තරුණයා පාර්සලයක් ලබා දී ඇති බවත් එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ රේගු නිලධාරීන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇති බවත් ගුවන්තොටුපොළ බලධාරීහු පැවැසූහ.

