
තමිල්නාඩුවේ තෙන්කාසි දිස්ත්‍රික්කයේ අද (24) දින පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් 28 දෙනෙකු තුවාල ලබා තිබේ.
මදුරෙයි සිට සෙන්කොට්ටෙයි දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ තෙන්කාසී සිට කෝවිල්පට්ටි දෙසට ගමන් කරමින් තිබූ තවත් බස් රථයක් මෙලෙස අනතුරට ලක් වී ඇත.
අනතුරට ලක්වූ පුද්ගලයින් මුදවා ගැනීම සඳහා පළාත් පාලන ආයතන සහ ගිනි නිවන බටයින් එක්ව දැවැන්ත මෙහෙයුමක් දියත් කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
තුවාල ලැබූ මගීන් 28 දෙනාම අසල පිහිටි රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින බවත් සමහර තුවාල කරුවන්ගේ තත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව ඉහල යාමට හැකි බව සෞඛ්‍ය අංශ පැවසු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බස් රථ රියදුරෙකුගේ අධික වේගය සහ නොසැලිකිලිමත් රිය පැදවීම අනතුරට හේතුව බව ජේෂ්ඨ පොලිස් නිළධාරියකු පැවසූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

