ඉන්දියාවෙන් ප්‍රථම කොරෝනා රෝගියා වාර්තා වෙයි


 

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කාන්තාවකට කොරෝනා වෛරස රෝගය වැළඳී ඇතැයි තහවුරු කරගෙන තිබේ. 
 
චීනයේ වුහාන් විශ්ව විද්‍යාලයේ සිසුවියක වන ඇය ඉන්දියාවේ කොරෝනා වෛරස රෝගය වැළඳුනු ප්‍රථම රෝගියා වේ.   
 
ඉන්දියානු ජාතික කාන්තාවක වන මෙම රෝගියා තිෂූර් දිස්ත්‍රික්කයේ රෝහලක හුදකලා වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටින බව ඉන්දිය බලධාරීහු පවසති.
 
කේරල ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ තවත් සැකකටයුතු රෝගීන් පස්දෙනකුගේ රුධිර සාම්පල පරීක්ෂා කරමින් පවතින බවයි.
 
මෑත කාලයේ චීනයේ සිට පැමිණි 806 දෙනෙකු වෛරස් රෝගය සම්බන්ධව නිරීක්ෂණය කරමින් සිටින බව කේරළ ප්‍රාන්ත රජය පවසයි.
 
චීනයට පසු ලෝකයේ ජනාකීර්ණම රට වන්නේ ඉන්දියාවයි.
ආසාදන පැතිරීමේ අවදානම ඇති බැවින් වුහාන්හි සිටින තම රටවැසියන් නැවත ගෙන්වා ගැනීම හොඳම විකල්පය නොවන නමුත් ගුවන්යානයක් සූදානම් කර ඇති බවත් නිරෝධායන කටයුතු සැලසුම් කර ඇති බවත් ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා ඇත.
 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)