(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ඇනවුම් කළ නාඩු සහල් මෙට්‍රික්ටොන් 30000 න් කොටසක් අද (17) කොළඹ වරායට ළඟාවීමට නියමිත බව වෙළඳ අමාත්‍යාංශයේ උසස් නිළධාරියෙකු පැවසීය.
එම ඇනවුමේ ඉතිරි සහල් තොග ද මෙම මාසය තුළ පැමිණීමට නියමිත බව කී එම නිලධාරියා ඉන්දියාවෙන් ඇනවුම් කර ඇති පොන්ඩි සම්බා සහල් මෙට්‍රික්ටොන් 50,000 ද ලඟදීම ලැබෙනු ඇති බවද සඳහන් කළේය.
මෙම සහල් තොග සතොස සහ සමුපකාර මගින් සහන මිලට ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද වෙලද අමාත්‍යාංශය එම නිලධාරියා වැඩිදුරටත් කීය.

