
(පද්මා කුමාරී කංකානම්ගේ )
ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් නීතී විරෝධී ලෙස ගෙන්වන ලද,රුපියල් කෝටි තුනකට ආසන්න භාණ්ඩ තොගයක් අද(05) කල්පිටිය කුඩාව වෙරළ තීරයේ ලොරියකට පටවමින් සිටියදී කල්පිටිය පොලිසිය සිය බාරයට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් දෑ අතර වෙළදපොළ වටිනාකම රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක් වූ එන්සල් කිලෝ එක් දහස් හතලික්,රුපියල් ලක්ෂ පහක් වටිනා කහ කුඩු සහ අමු කහ කිලෝ 100 ක්,රුපියල් විසි පන් ලක්ෂ අසූ දාහක් වටිනා විදේශීය නිශ්පාදිත දුම්වැටි විසි පන් දාස් අට සියයක් සහ රුපියල් ලක්ෂයකට ආසන්න විදුලි උපකරණ තොගයක්ද තිබූ බව පොලීසිය කියයි.
පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර,ලොරි රථයේ රියදුරු පළා ගොස් ඇත.

