
අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේ දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 50,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි එරට "ද ටයිම්ස් ඔෆ් ඉන්දියා" පුවත්පත වාර්තා කරයි.
ඉන්දියාවෙන් එතරම් ආසාදිතයන් පිරිසක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය යැයි ද වාර්තා වේ.
නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් පසු ඉන්දියාව මුහුණ දුන් දරුණුම සතිය, ඉරිදා , එනම් ඊයේ (26) දිනයෙන් අවසන් වූ සතිය යැයි ද එම පුවත්පත වාර්තා කර ඇත.
ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන සියයට 28 ද මරණ ගණන 19% ද ඉහළ ගොස් ඇතැයි එම පුවත්පත පෙන්වාදෙයි.
ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 14,35,453 කි. වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 32,771කි.
මේ අතර "පරෙස්සම් වන්නැයිද, වැඩිපුර සෝදිසියෙන්" ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ එරට පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මසකට වරක් ගුවන් විදුලිය ඔස්සේ එරට ජනතාව අමතයි.
"කොරෝනා වයිරසය පටන් ගත්තු අවස්ථාවේ වගේම තවමත් මාරාන්තිකයි. අපි ඒක හොඳට මතක තියාගන්න ඕනෑ. ඒක හින්දා අපි වැඩිපුර පරෙස්සමින් ඉන්න ඕනෑ. විමසිල්ලෙන් ඉන්න වුවමනා" යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය.
"ද ගාඩියන්" ඇසුරිනි
055

