ඉන්දියාවෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක්


 

(යොහාන් භාසුර)

ඉන්දියාව සැපයූ තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක ප්‍රමාණයක් මේ වන විට ශ්‍රී ලංකාවට ළගා වී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

මෙම ඉන්ධන තොගයත් සමඟ ඉන්දියාව විවිධ වර්ගයේ ඉන්ධන මෙටි්‍රක්ටොන් 440,000ක් පමණ ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව ද එම ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.