(යොහාන් භාසුර)
ඉන්දියා සහ ශ්‍රී ලංකා අතර විදුලිබල ජාල 2030 වසරේ ඒකාබද්ධ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (6) පැවසීය.
කලාපීය බලශක්ති ඒකාබද්ධ කිරීමට දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා කර ඇති බවත් සම්බන්ධතාවය ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රමුඛතාව දී ඇති බවත් ඒ මහතා කීය.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික අවශ්‍යතා සහ ව්‍යාපාරික ආකෘති අවබෝධ කරගැනීමට ලෝක බැංකුව ලංකා විදුලිබල මණ්ඩලයට සහයෝගය දක්වන බව කී අමාත්‍යවරයා ලෝක බැංකුවේ ප්‍රාදේශීය ඒකාබද්ධතා අධ්‍යක්ෂ සිසිලි ෆ්‍රමන් ඇතුළු නිලධාරීන් සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කළ බව ද සඳහන් කළේය.

