
(මහින්ද නිශ්ශංක)
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අද (15) සිට ලංකා සතොසෙන් මිල දී ගත හැකි බව ලංකා සතොස පවසයි.
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ආනයන කළ බිත්තර ලක්ෂ 70 ක් ලංකා සතොස වෙත නිකුත් කළ බවත් ඒ අනුව එම බිත්තර ලංකා සතොස හරහා අද සිට පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට හැකි බවත් ඔහු කීහ.

