ඉදිරියේදී විකුණගන්න බැරි තරම් එළවළු ලැබෙනවා


(අංජුල මහික වීරරත්න)

ඉදිරි සති හය ඇතුලත  අලෙවි කර ගත නොහැකි තරම් විශාල එළවළු අස්වැන්නක් වෙළෙඳ පොළට ලැබෙනු ඇතැයි  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරියේ දී එළවළු බීජ වෙනුවට එළවළු පැළ  සකස් කර අලෙවි කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන බය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය පැවැසුවාය.

එළවළු බීජ නිසි නිසි පරිදි පැළ නොවන බවට ගොවීන්  කරන  චෝදනා සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව පරසුරාමන් මහත්මිය කීවාය.

මේ වනවිට වෙළෙඳපොළේ උඩරට හා පහතරට  එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සම්බන්ධව  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් කරුණු විමසීමක් කළ අතර එළවළු මිල ඉහල යාමට  හේතුව අධික වර්ෂාවෙන් එළවළු වගා  විනාශ වීම බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මාස කිහිපයක සිට දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට සියලු වගාවන්ට හානි සිදුවී ඇති බවත්, දැනට වෙළෙඳපළට ලැබෙමින් පවතින්නේ සීමිත එළවළු ප්‍රමාණයක් බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.