
(අංජුල මහික වීරරත්න)
ලංකාවේ දේශපාලන පක්ෂ 86න් බහුතරය රනිල් වික්‍රමසිංහ ජනපති සමඟ ඉදිරි සතියේ සන්ධානගත වීමට නියමිතව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
ඒ නිසා ලබන සතිය වඩාත් තීරණාත්මක සහ මාධ්‍ය අවධානය වැඩි වශයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති දෙසට හැරෙන සතියක් වනු ඇතැයි ද අබෙිවර්ධන මහතා කීය.
ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ කොට්ඨාශ ආවරණය පරිදි විශේෂ ඒකාබද්ධ රැස්වීම් මලාවකට සහභාගී වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
මෙම රැස්වීම් සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ, හිටපු රාජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහත්වරුද සහභාගී වූහ.

