(ඩයනා උදයංගනී)
අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑමෙන් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට ඉදිරි සතිය පුරා වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බොහෝ ප‍්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර, මධ්‍යම, බස්නාහිර, සබරගමුව, ඌව සහ දකුණ යන පළාත්වල මේ ආකාරයෙන් වැසි ඇතිවිය හැකි බව එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
උතුරු මැද, වයඹ, බස්නාහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේත් වැසි ඇති විය හැකි බව ද එම ප‍්‍රකාශකයා කීවේය.
උතුරු, උතුරු මැද, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානයන්හි උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවන බව ද ඔහු සඳහන් කළේය.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වා ගැනීමට ක‍්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

