(ෂේන් සෙනෙවිරත්න)
ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇති වූ ගැටුමකින් විසිකැත්තකින් පහර කෑ පුද්ගලයන් දෙදෙනකු මහනුවර ජාතික රෝහලට ඊයේ (04) ඇතුළත් කර තිබේ.
කටුගස්තොට පොලිස් වසමේ කහල්ල ප්‍රදේශයේ වැලි ගොඩ දමන්නෙකු විසින් මෙම පහර දීම සිදු කර ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලිසිය කියයි
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ කහල්ල ප්‍රදේශයේ පදිංචිඅයියා මලෝ දෙදෙනෙකි .
කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී. රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශය සැකකරු සොයා වැඩිදුර විමර්ශන සිදුකරයි .

