ඉඟිනිමිටියේ වාන්දොරටු හයම විවෘත කරයි


 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මහ වැසිත් සමඟ ඉහළ ජලධාරා ප්‍රාදේශ වලින් දැවැන්ත ජල කදක් ගලා ඒමත් සමඟ ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු හයම විවෘත කිරීමට කටයුතු කල බව පුත්තලම වාරි මාර්ග කාර්යාලය පවසයි.

මේ අනුව ඉගිනිමිටිය ජලාශයෙ වාන් දොරටු හතරයක් අඩි දෙක බැගින්ද අනෙක් දෙක අඩිය බැගින්ද විවෘත කල බව නේවාසික වාරිමාරි ඉංජීනේරු වරයා පවසයි.

ඒ අනුව මෙම දොරටු හයෙන්ම තප්පරයට ඝණ අඩි 5000 ක ධාරීතාවයක් මී ඔයට මුදා හැරිම සිදුව ඇති අතර පහල නිම්නයේ මී ඔය භාවිතා කරනු පිරිස දැඩි අවධානමේන් පසුවන ලෙස වාරි මාර්ග දෙපාර්තුමේන්තුව දැනුම් දෙයි.

ඉගිනිමිටිය ජලාශයෙ සමස්ථ ජල ධාරීතාව අක්කර අඩි 58833 කි.