ඈත මුහුදේ වල්ලමක් පෙරළේ:ධීවරයන්ට අනතුරක් නෑ


(එම් .සුසිල් ප්‍රියන්ත සහ දයා සිරිල් ධම්මික)

දොඩන්දූව ධීවර වරායෙන් මුහුදු ගිය වල්ලමක් බූස්ස වෙරළ තීරයේ සිට සැතපුම් දෙකක් පමණ ඈත මුහුදේදී පෙරලී ඇති අතර  එහි සිටි ධීවරයින් හයදෙනා පැයක් පමන වල්ලමේ ඉල්ලී සිටියදී නාවික හමුදාව සහ ධීවර යාත්‍රාවක් සිටි ධීවරයන් පිරිසක් බේරාගෙන ඇත.

තුවාල ලැබූ එක් ධීවරයකු සුව සැරිය ගිලන් රථයක් ගෙන්වා රෝහල් ගත කොට ඇති අතර අනෙක් ධීවරයින් පස්දෙනාටද තුවාල සිදුවී ඇත.

වේගයෙන් ආ රළ පහරකින් වල්ලම මුහුද මැද පෙරලී තිබේ.

පෙරලුනු වල්ලම නාවික හමුදාවේ සහය ඇතිව ධීවරයින් ගොඩට රැගෙන විත් ඇත. එහි එන්ජිම මුහුදු බත් වී තිබූ අතර වල්ලමටද දැඩි අලාභහානි සිදුව තිබුණි. වල්ලමේ ගෙනගිය දැල්වලින් කොටසක්ද අතුරුදහන්ව තිබිණ.