(අංජුල මහික වීරරත්න)
ඓතිහාසික ඇහැලේපොඵ වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කර දළදා මාලිගාවට පවරා දීමෙන් පසු පුරාවිද්‍යාත්මක හා සංස්කෘතිකමය වටිනාකම් ආරක්ෂා කර ගනිමින් එහි ඉටි රූප කෞතුකාගාරයක් නිර්මාණය කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
ඇහැලේපොල වලව්ව අයත් මහනුවර යුගයේ ගෘහනිර්මාණ ශිල්ප, චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතිය, ආහාර රටාව, කර්මාන්ත හා කලා ශිල්ප ද එම වලව්ව තුල ඉටි රූප ආශ්‍රිතව ප්‍රතිනිර්මාණය කෙරෙන අතර ජාතික වීරවරයන් වන මොණරවිල කැප්පෙටිපොළ දිසාව, ඇහැලේපොල මහාධිකාරම්තුමා, දේවේන්ද්‍ර මූලාචාරීතුමා මෙන්ම ඇහැලේපොල පවුලේ සාමාජිකයන්ගේද ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය දුන් නායකයන්ගේ ජීවමාන ඉටිරූප මෙහි නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත .
මෙරට පෞඩෟත්වය හා අභිමානය විදහා දැක්වෙන මෙම ඉටි කෞතුකාගාරය දෙස් විදෙස් ආකර්ශනය දිනා ගනු ඇතැයි විශ්වාස කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතා පවසයි.
මහනුවර යුගයට අයත් ඇහැලේපොල වලව්ව ක්‍රි.ව. 1800ත් 1810ත් අතර කාලයේ දී ඉදි වු බව සැලකේ. එය ඇහැලේපොල නිලමේතුමාට අයත්ව තිබුනකි. මෙරට ඉතිහාසයේ අනුවේදනීයම චරිත ලෙස සැලකෙන ඇහැලේපොල කුමාරිහාමි මෙන්ම වීරමද්දුම බණ්ඩාර කුමරුද වාසය කළේ මෙම වලව්වේයි. ඉංග්‍රීසින් විසින් වර්ෂ 1818 දී කන්ද උඩරට අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඇහැලේපොල වලව්ව සිරගෙදරක් ලෙස භාවිතා කර තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ ඇහැලේපොල වලව්ව ශ්‍රී දළදා මාලිගාවට පැවරීමට අදාළ සන්නස් පත්‍රය සකස් කරමින් තිබෙන බවයි. එය කඩිනමින් සකස් කරන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් දී තිබේ. මෙම වලව්ව දළදා මාලිගාවට පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

