
(අංජුල මහික වීරරත්න)
රජයේ රෝහල් වල ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා පවතින පොරොත්තු ලේඛන අවම කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රි ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සංවිධාන ශක්තියෙන් සහ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ මුල්‍ය දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක ය.
“Gift of Vision Sri Lanka” ලෙස හඳුන්වන එම වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික් මහ රෝහලේ දින දෙකක් තුළ ඇසේ සුද ඉවත් කිරීමේ අක්ෂි ශල්‍යකර්ම 400 ක් සාර්ථකව සිදු කිරීමට කටයුතු කෙරුණු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
ප්‍රමුඛතා පදනම මත එම ශල්‍යකර්ම සිදු කළ අතර, එම කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණයට සහ ප්‍රගති සමාලෝචනයට ද ලක්විය.



