ඇස් කාච ඉස්සූ රෝහල් සේවකයා මාට්ටු


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක ශල්‍යාගාරයේ තිබූ ඇස් කාච දහයක් සොරාගෙන ගියේ යැයි කියන එම රෝහලේ ශල්‍යාගාර සහායකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤ වීදිය පොලීසිය පවසයි.

සැකකරු  සොරාගෙන ගිය බව කියන ඇස් කාච වල වටිනාකම රුපියල් 369,000ක් වන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය.

පෞද්ගලික රෝහලේ කාර්යභාර නිලධාරිවරයා කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි හතළිස් පස් හැවිරිදි අයෙකි.

කොම්පඤ්ඤ වීඩියෝ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.