ඇවන්ට්ගාඩ් හිටපු ලොක්කෙක් අත්අඩංගුවට


(නිමන්ති රණසිංහ)
 

පාවෙන අවි ගබඩා සිද්ධියට අදාළව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ සැකකරුවකු වන, හිටපු රියාර් අද්මිරාල් නන්දන දියබලනගේ මහතා අද(27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
ඇවන්ට්ගාඩ් නඩුව පවතින අතරවාරයේ ඔහු සිංගප්පූරුවට ගොස් තිබූ අතර, අධිකරණයෙන් ඔහුගේ විදේශ ගමන් තහනම් කර තිබුණි.
 
ඒ අනුව අද(27) ඔහු ලංකාවට පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.