ඇලිස් වෙල්ස් දිවයිනට


(ටී.කේ.ජී.කපිල)

ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය ශ්‍රී ලංකාවේ  දෙදින නිල සංචාරයක් සදහා අද(14)  අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

ඇය සමග තිදෙනකුගෙන් යුතු දූත පිරිසක්ද පැමිණ සිටියහ.

ඔවුන් අලුයම 3.35 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 198 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
 
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීහු පිරිසක් ඔවුන් පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.