ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන විමසිල්ලෙන්


(පාලිත ආරියවංශ)

මහ වැසි සමග ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ඇල්ල සිට රාවණා ඇල්ලදක්වා කොටසේ ස්ථාන කීපයකට අද (12) පස්වරුවේ  ගල් හා පස්කඳු කඩාවැටීම් සිදුව ඇති අතර අවදානම තවමත් පවතින බැවින් විමසිලිමත්ව රිය පදවන ලෙසට ඇල්ල පොලීසිය රියදුරන්ට අවවාද  කරයි.

රාවණා ඇල්ලේ ජලයද විශාල වශයෙන් වැඩිවී ඇති බැවින් ඇල්ල ආශ්‍රිතව දියනෑමෙන් වළකින ලෙසටද අවවාද කෙරේ.