(සමන් පාලිත නානායක්කාර)
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් හෙට (11) පෙරවරු 6.00 යේ සිට ගමනා ගමනය සඳහා විවෘත කරන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
නාය යාමේ අවදානම හේතුවෙන් ඉකුත් 21 වන දින මෙම මාර්ගය තාවකාලිකව වසා දැමුවේය.
ඇල්ල පොලිසියේ අධීක්ෂණය යටතේ මෙම මාර්ගය විවෘත කරන අතර විටින් විට ගල් හා පස් ඉවත් කිරීමේ කටයුතු නිසා සුළු බාධා ඇති විය හැකි බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.


