(පාලිත ආරියවංශ)
ඇල්ල - වැල්ලවාය මාර්ගය තවදුරටත් වසා තැබීමට තීරණය කළ බව ආපදා කලමණාකරණ ඒකකයේ, බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්. එම්. උදයකුමාර මහතා අද(11) පැවසීය.
අද උදෑසන මාර්ගයේ එක මංතීරුවක් වාහන ගමනාගමනය සඳහා විවෘත කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කළද ඊයේ(10) රාත්‍රියේ ඇතිවූ වර්ෂාව සමඟ මතුවූ අනාරක්ෂික තත්වය මත එම අදහස වෙනස් කළ බවද ඔහු සඳහන් කළේය.
මාර්ගයේ අනාරක්ෂිත ගල් ඉවත්කිරීම තවදුරටත් සිදුවන බවත් හැකි ඉක්මණින් මාර්ගය යළි විවෘත කිරීමට කටයුතු කරන බවත් පැවසූ ඔහු එතෙක් විකල්ප මාර්ග වන ඇල්ල කරදගොල්ල-කිතල්ඇල්ල බණ්ඩාරවෙල මාර්ගය සහ පස්සර හිගුරුකඩුව මාර්ගය භාවිතා කරන ලෙස ද කීවේය.
පසුගිය මස 25 වනදා සිට නාය යාමේ අවදානම නිසා ආක්ෂිත පියවරක් ගෙස මෙම මාර්ගය වසා තැබීමට පියවර ගෙන තිබිණි. අඩි 750 ක් පමණ ඉහළ සිට කඩාවැටීමේ අවදානම සහිත ගල් රැසක් පසුගිය දිනයන්හි ඉවත් කිරීමට පෞද්ගලික සමාගමක් කටයුතු කළ අතර තවදුරටත් එම කටයුතු සිදුවෙමින් පවතී.

