(පාලිත ආරියවංශ)
ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල බස්නායක මහතා ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිවරයාට බැණ තර්ජනය කර පහරදී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.
පහරදීමට ලක්වූ බව කියන ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරි ඉන්දික සෙනෙවිරත්න මහතා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සැකකාර සභාපතිවරයා තවත් පිරිසක් සමඟ අද(3) සංචාරක තොරතුරු මධ්‍යස්ථානයට කඩාවැදී එම පරිශ්‍රයේ කොටසක යතුරු ඉල්ලූ බවත් එය තමන් ළග නැති බව පැවසූවිට කනට ගැසූ බවත් සෙනෙවිරත්න මහතා පවසා තිබේ.
පහරදීමට පැමිණි අය ඌව පළාත් සභාවේ සංචාරක අමාත්‍යංශයට අයත් මේස 2ක් හා පුටු 7ක් ලොරියක පටවාගෙන ගොස් ඇති බවද අමාත්‍යංශයේ සේවිකාවන්ට බැණ තර්ජනය කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ඇල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.