ඇල්ල - වැල්ලවාය මාර්ගය යළි විවෘත කෙරේ


(පාලිත ආරියවංශ)

නායයාම් හා ගල්පෙරලීමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ වාහන ගමනා ගමනය අද (13) ආරම්භ කළ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම් උදය කුමාර මහතා පැවසීය.

ඇල්ල නගරයේ සිට කි.මී. 3ක් පමණ දුරින් පිහිටි කි.මී 24 සහ 25 කණු අතර ප්‍රදේශයේ  මෙම නායයාම  ක්‍රියාත්මක වූ අතර  ඒ හේතුවෙන් පසුගිය 25 වැනිදා මාර්ගය තාවකාලිකව වසා දැම්මේය.

ගල් හා පස් ඉවත්කර එක් මං තීරුවක් වාහන ගමනා ගමනය සකස් කර ඇති බව ඇල්ල පොලිසිය සඳහන් ‍කළේය .

අවධානම් තත්ත්වය මුළුමනින්ම අවසන් වී නැති බැවින් රාත්‍රී කාලයේ වාහන ගමනා ගමනය කිරීමට පියවර නොගන්නා ලෙසත්  දිවාකාලයේදී විමසිලිමත්ව රිය පැදවිය යුතු බවත් පොලිසිය සඳහන් කළේය.