ඇල්පිටියේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට


(ඩී.ජී.සුගතපාල)

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (27) මධ්‍යස්ථාන 265 කදි පැවැත්වෙන බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා පැවසීය.

තැපැල් ඡන්ද ඉල්ලුම් පත් 1542ක් ලැබී තිබූ අතර පිළිගත් ඉල්ලුම්පත් සංඛ්‍යාව 1192 ක් බව ඒ මහතා පැවැසීය.

සහතික කිරීමේ නිලධාරින් ඉදිරියේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සිදු කරන අතර එම මධ්‍යස්ථානවලට දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන් මෙතෙක් බර පතල මැතිවරණ නිති රිති උල්ලංඝණය කිරීම් කිසිවක් වාර්තාවී නැති බවත් ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇති බවත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා  පැවසීය.