ඇල්පිටිය ප‍්‍රා සභා බල ප‍්‍රදේශය සාමකාමීයි


(විනීතා එම් ගමගේ)

ප‍්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශය මේ මොහොත වන තෙක් සාමකාමී හා විනයගරුක අයුරින් කටයුතු සිදුවන බව පැෆරල් සංවිධානය කියයි.

පිටස්තර පිරිස් එහි පැමිණීමෙන් වැළකී ඇල්පිටියේ ජනතාවට, මැතිවරණ නිලධාරීන්ට හා පොලිසියට එහි මැතිවරණය පවත්වාගන්නට ඉඩ දී සිටිය හැකි නම් තවදුරටත් එහි සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක් බලාපොරොත්තු විය හැකි යැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.

පවතින සාමකාමී බව බිඳෙන්නේ කොළඹින් යන මන්ත‍්‍රීවරුන්, දේශපාලකයන්, අනුගාමිකයන් ඇතුළු පිරිස් මැතිවරණ සමයේ එහි පදිංචි වීමට පටන් ගත් පසුව යැයි ද හෙතෙම කියා සිටියේය.

එවැනි පිරිස්වල මැදිහත් වීම් නවතන්නට දේශපාලන පක්ෂ හා මන්ත‍්‍රීවරුන් කටයුතු කරන්නේ නම් ඉතා වටිනා බවත් එසේ කරන මෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම තව දුරටත්  ස`දහන් කළේය.

ඇල්පිටිය ප‍්‍රාදේශිය සභා මැතිවරණය ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වීමට නියමිතය.