( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඔක්තෝබර් 11 වැනිදා ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන බව ප‍්‍රකාශිත ගැසට් නිවේදනය බලශුන්‍ය කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇල්පිටිය ප‍්‍රදේශයේ ඡන්ද දායකයින් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගාස්තු රහිතව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) තීන්දු කළේය.
මෙම පෙත්සම විජිත් මළල්ගොඩ , ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර මහත්වරුන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ අද කැඳවිණි.
නීතිමය පදනමක් නොමැති බව සදහන් කරමින් මෙම පෙත්සම ඉවත දමන ලදී.

