
(රංජිත් රාජපක්ෂ )
ලිදුල,වෝල්ට්‍රිම් වතුයායේ රක්ෂිතයේ දර කැඩිමට ගිය තරුණයෙක් අද (27) තලවකැලේ කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා ඇල්ජින් ඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වි ඇති බව ලිදුල පොලිසිය පැවසිය.
අතුරුදහන් වි ඇත්තේ ලිදුල පොලිස් වසමට අයත් සෙන්කුමිස් වතුයායේ පහල කොටසේ පදිංචිව සිටි ප්‍රභාකරන් ගජේන්ද්‍රන් නැමැති (20) හැවිරිදි තරුණයෙකි.
ඇල්ජින් ඔයේ දිය නැමට ගොස් අතුරුදන් වු තරුණයා එම වතු යායේම පදිංචි තවත් තරුණයන් දෙදෙනෙකු සමග වෝල්ට්‍රිම් වතුයායට අයත් රක්ෂිතයේ දර කැඩිමට ගොස් තිබේ.
එම අවස්ථායේ ඇල්ජින් ඔයේ තවත් තරුණයන් පිරිසක් දිය නාමින් සිටියදි එම තරුණයාද දිය නැමට ඔයට බැස පිහිනමින් සිටි අවස්ථාවේ තරුණයා ඔයේ ගිලි අතුරුදන් වි ඇති බව මුලික විමර්ෂණයේදි අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

