
ඇමරිකාවේ වෙසෙන වියට්නාම ජාතික බෞද්ධ භික්ෂූන් වහන්සේලා , මෙහෙණින් වහන්සේලා සහ දායකදායිකාවන් ඇතුළු 86 දෙනෙක්ගෙන් සමන්විත බෞද්ධ දූත පිරිසක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ.
මෙම පිරිස මෙරටට පැමිණියේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සෙන් ඇන්තෝනියෝ බෞද්ධ විහාරයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති උඩුමුල්ලේ සරණපාල ස්වාමීන් වහන්සේගේ උපදෙස්, මඟපෙන්වීම සහ අනුශාසනා ඇතිවය.
බෞද්ධ දූත පිරිස, ඇමරිකාවේ ටෙක්සාස්හි සෙන් ඇන්තෝනියෝ ලියන් හෝවා (Lien Hoa) බෞද්ධ විහාරයේ පූජ්‍ය තියෙන් ස්වාමින් වහන්සේ නායකත්වය ලබා දෙයි.
දූත පිරිස මහනායක වහන්සේ බැහැ දැකීම, ආගමික වැඩසටහන් වලට සහභාගී වීම, මහනුවර, අනුරාධපුර සීගිරිය හා දඹුල්ල ප්‍රදේශවල සංස්කෘතික හා පෞරාණික වටිනාකම් ඇති ස්ථාන නැරඹීම සහ භික්ෂූන් වහන්සේ උදෙසා අධ්‍යාපනික උපකාරයන් ලබා දීම සිදු කරනු ඇත.

